උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි සැපයුම විසන්ධි නොකර ඉන්නැයි ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලැබී ඇති නමුත් රටේ මුදල් තත්ත්වය ඊට බලපා ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
ඒ අනුව විභාගය පැවැත්වෙන කාලයේදීද විදුලි කප්පාදුව වැළැක්වීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා.
අදාල කාලසීමාවේ අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අමතරව රුපියල් බිලියන 5 ක පිරිවැයක් දැරීමට සිදුවන බව තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට දන්වා ඇති බවද පැවසූ ඔහු එම මුදල ගෙවීම සඳහා මණ්ඩලයට මුල්‍ය ශක්තියක් නැති බවද කියා සිටියා.
එම මුදල් නොගෙවා ණයට ඉන්ධන ලබාගත හොත් සිදු වන්නේ නැවතත් ඉන්ධන පෝලිම් යුගයකට අවතීර්ණ වීම බව ද ඇමතිවරයා කියා සිටියා.
පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවද පැවසූ ඔහු එම සංශෝධනයට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටින්නේ නැවතත් පෝලිම් යුගයක් නිර්මාණය වැළැක්වීමට යැයි ද තව දුරටත් පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
උබලට කරන්න බෑ,හොරා කන්න විතරයි දන්නේ,උබලා හරි කරුමයක් මේ පොඩි රටට,කරුනාකරලා ඉවත් වෙලා පලයව්,කරන්න හොද මිනිස්සු ඉන්නවා මෙ රටේ.