කැබිතිගොල්ලෑව කොට්ඨාසය භාරව සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තමාට පහරදුන් බව පවසමින් කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිපති ලෙස රාජකාරී සිදුකරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඊයේ (24) කැබිතිගොල්ලෑව රෝහල වෙත ඇතුළත් වී ඇත.
පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා වැඩබලන ස්ථානාධිපතිපතිවරයාව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඔහු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවටයි වාර්තා වේ.
එම පොලිස් පරීක්ෂක වරයාගේ කම්මුල ප්‍රදේශයට සහ මුඛය අභ්‍යන්තරයට හානි සිදුවී ඇති බව සදහන් වේ.
කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ දුෂණ මර්දන ඒකකය මගින් ඉකුත් 22 වනදා ගෝඩා ලීටර් විස්සක් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් අවශ්‍ය ලියවිල්ලක් ලබාගැනීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ කාර්යාලයට පැමිණ තිබේ.
පසුව කැබිතිගොල්ලෑව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එලෙස නීති විරෝධී මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකර වු එම සැකකරු රිමාන්ඩ් නොකිරීම සම්බන්ධව පහර කෑ පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසා තිබේ.
එම අවස්ථාවේදී එම නිලධාරීන් දෙදෙනා අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර පසුව කැබිතිගොල්ලෑව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම පොලිස් පරීක්ෂකවරයා වෙත පහර දී තිබෙන බව වාර්තා වේ.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…