Categories: විදේශ

Netflix පරිශීලකයන්ට අසුභ පණිවිඩයක් !

Netflix ‘freeloaders’ භාවිතා කරන්නන් දිගු කාලයක් බියෙන් සිටි, නමුත් සැබෑවටම සිදුවෙමින් පවතින අසුභ ආරංචියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන මාර්තු මස අග සිට Netflix සඳහා කිහිපදෙනෙකුට පොදු වූ මුර පදයක් භාවිතා කිරීමේ පහසුකම ඉවත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් එම සමාගම කොටස් හිමියන් ලිපියක් මඟින් දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ Netflix ‘freeloaders’ භාවිතා කරන්නන් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි.

කෙසේ වෙතත්, මෙම පහසුකම ඉවත්කිරිමත් සමඟම විකල්පයක් හඳුන්වාදීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයින්ට Netflix ‘freeloaders’ පහසුකම නව ගෙවන ලද ගිණුමකට මාරු කිරීමට හැකි වනු ඇති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් Netflix ආයතනය පැවසුවේ දශකයකට වැඩි කාලයක් තුළ තම ජාලය භාවිතා කළ පළමු ග්‍රාහකයින් අහිමි වීම කනගාටුවට කරුණක් බවයි.

එමෙන්ම මේ හේතුවෙන් 2022 ‘දුෂ්කර වසරක්’ වූ බවත් එසේ අහිමි වූ ග්‍රාහකයින් ගණන 200,000ක් වූ බවත් සඳහන්.

මේ හේතුවෙන් Netflix සමාගම පවසන්නේ Netflix ‘freeloaders’ පහසුකම තවදුරටත් සැපයීම මඟින් සිය ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට සහ ගොඩනැගීමට ඇති දිගුකාලීන හැකියාව අඩපණ කරන බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago