දරුවන් පරිස්සම් කරගන්න! වෛද්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් !

ඩෙංගු රෝගයේ සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන් දෙකෙහිම වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බැවින්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රුධිර පරීකෂණයක් මගින් මෙම රෝග දෙක වෙන් වෙන්ව හඳුනා ගැනීමෙන් පසු ඖෂධ ලබාගැනීමෙන් සිදුවන සංකූලතා අවම කරගැනීමේ හැකියාව පවතින බවයි.

මේ දිනවල වර්ධනයක් පෙන්නුම් කරන ඩෙංගු සහ ඉන්ෆල්වෙන්සා යන රෝගී තත්ත්වයන් දෙකෙහිම බොහෝ සෙයින් සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි වෛ‍ද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එම හේතුව නිසාම රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබා දෙන ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථා රැසක් ද පසුගිය දිනවල වාර්තා වුණා.

උණ, කැස්ස, අඟපත වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම රුධිර පරීක්ෂණයක් සිදු කර රෝගී තත්ත්වය නිශ්චය කර ගැනීමෙන් අනතුරුව ඖෂධ ලබාගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago