මහාචාර්ය ප්‍රියංගාට සරසවියේ දොර වැසෙයි !

ඇමෙරිකාවේ පාරිසරික විද්‍යාඥයකුට ලබා දෙන ඉහළතම ඇගයීම ලද ශ්‍රි ලාංකික පරිසර විද්‍යාඥවරියකවන මහාචාර්ය ප්‍රියංගා අමරසේකර ඇය සේවය කරන ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාල සේවය වසරකට අත්හිටුවීම සහ ඇයගේ වැටුපින් සියයට 20ක් අඩු කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන ඇත.
එම අත්හිටුවීමට එරෙහිව ලෝකය පුරා පරිසර විද්‍යාඥයන් 300 දෙනකුට අධික පිරිසක් විසින් මෙ වනවිට පෙත්සමක් අත්සන් කොට විශ්වවිද්‍යාලයය වෙත භාර දී ඇති බව ලෝ ප්‍රකට “ද නේචර්“ සඟරාව පවසයි.

ඇය විසන් සිදු කරන ලද පර්යේෂණ වෙනුවෙන් ඇමෙරිකාවේ පාරිසරික විද්‍යාඥයකුට දෙන ඉහළම සම්මානයවන රොබට් එම් මැක්ආතර් සම්මානය ඇය වෙත ලබා දී ඇති අතර මෙම සම්මානය පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේදී ඇයට ලබා දී ඇත්තේ ඇමෙරිකානු පාරිසරික විද්‍යාඥයන්ගේ සංගමයයි.

එම සම්මානය හිමි වීමෙන් මාස කිහිපයකට පසුව කිසිදු හේතුවක් නොදන්වා ඇය සේවය කරන විශ්ව විද්‍යාලය ඇයගේ සේවය වසරක කාලයකට අත්හිටුවා ඇති අතර වැටුප සියයට 20කින් අඩු කිරීමටද තීරණය කර තිබේ. කිසිදු හේතු දැක්වීමකින් තොරව ඇයට මෙම දඩුවම ලබා දී ඇති බව ද නේචර් සඟරාව පවසන අතර මේ තත්ත්වය හේතුවෙන් ඇයට විශ්වවිද්‍යාලයයට ඇතුළු වීම ,මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීම සිසුන් සමඟ කටයුතු කිරීම විශ්ව විද්‍යාලයීය අරමුදල් භාවිත කිරීම ද තහනම් කර ඇති බව සඳහන් වේ

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago