අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීම හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර මුදාහැර තිබේ.

ඒ දින 167 කට පසුවයි.

පසුගිය වසරේ මැයි 19 වනදා කොටුව දුම්රියපල ඉදිරිපිට සිදුකළ විරෝධතාවකට සහ ගාලුමුවදොර පැවති අරගලභූමියට දින 50 ක් පිරීම නිමිත්තෙන් පසුගිය ජූනි 20 වනදා සිදුකළ විරෝධතාවකට ඔහුට එරෙහිව පොලීසිය නඩු පවරා තිබුණා.

එමෙන්ම, පොලිස් මූලස්ථානයට ඉදිරිපිට සිදුකළ විරෝධතාවකට අදාළව ද නඩු පවරා තිබූ අතර, එම නඩු අද කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදී නියෝග කෙරුණේ වසන්ත මුදලිගේට ඇප ලබාදීමටයි.

මෙහිදී සැකකරු ස්කයිප් තාක්ෂණය ඔස්සේ පෙනී සිටි අතර, මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ තවත් මෙවැනි වැරදි සිදුකළහොත් ඇප අවලංගු කරන බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී ද ඔහුට එරෙහිව ත්‍රස්තවාදි වැළැක්විමේ පනත යටතේ පවරා තිබු නඩුව විභාගයට ගත් අතර, ඊට අදාළව ද ඔහුට නිදහස හිමි වුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago