ගෝණපල , කුඹුක ප්‍රදේශයේ ඉකුත් දා සිදු වූ රිය අනතුරකින් මියගිය නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වන විමුක්ති ප්‍රසාද් ජයවීරගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් ඔහුගේ මරණයට හේතු වූ කරුණු අනාවරණ කර තිබෙනවා.
අනතුරට ලක් වූ රථයේ රියදුරු අසුනේ ආරක්ෂිත බැලූනයේ තිබූ යකඩ කැබැල්ලක් උගුරේ වැදීමෙන් එම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ කර ඇත්තේ. හොරණ රෝහලේ අධිකරණ වෛද්‍ය ප්‍රනීත් විජේසුන්දර විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබුණා.
කෙසේ වෙතත් ආරක්ෂිත බැලූනයක් ක්‍රියාත්මක වී එහි තිබූ කොටසක් අදාළ රථයේ ගමන් ගත් පුදගලයෙකුගේ සිරුරේ වැදී මරණයක් සිදුවීම විරල අවස්ථාවක් බවයි බොහෝ පාර්ශව මත පළ කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…