ආණ්ඩුව භාරදීමට සූදානම් – රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් ප්‍රකාශයක් !

බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින් සහ පිරිස් හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයක් ඇතිකර ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී ඒ සඳහා සහයෝගය ලබාදීමට ඔවුන් ද එකග වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පවතින මෙම අවස්ථාවේ හුදෙකලා තීන්දු ගැනීම අහිතකර බව ද එම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමි රටවල යෝජනාවන්ට අභියෝග නොවන පරිදි තීන්දු ගත යුතු බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මෙම අවස්ථාවේ ජනප්‍රිය තීන්දු ගැනීම වෙනුවට රටේ ඉදිරිය ගැන සිතා වැදගත් තීන්දු ගැනීම රජයේ වගකීම බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඇතැමුන් මැතිවරණ වේදිකාව තුළ රටේ අර්බුද විහිළුවට ගෙන තිබීම කණගාටුවට කරුණක් බවයි රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසියම් පාර්වයක් යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට රජය හෝ පරිපාලනය භාරදීමට සූදානම් බවයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

Ceylon News Factory

View Comments

  • උබලා ඔක්කොටම කරන්න බෑ,මොකද පක්ෂ දෙකේම ඉන්නේ හොරු,ඉල්ලා අස්වෙලා පලයව්,රට බාරගන්න තරුන පරම්පරාවක්ම ඉන්නවා,

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago