දේශපාලනඥයන්ගේ රථ ගාය නිසා රජයට කෝටි ගණනක පාඩුවක් !

අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල සහ ආරක්ෂක අංශවලට අයත් වාහන 600ත් 700ත් අතර ප්‍රමාණයක් ඒවායේ ප්‍රධානීන්ගේ නිවෙස්වල කටයුතු සහ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම නිසා වාර්ෂිකව රුපියල් කෝටි පන්සියයකට වැඩි මුදලක් නාස්ති වන බව රජයට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අවභාවිතා වන වාහන වැඩිම සංඛ්‍යාවක් ආරක්ෂක අංශවලට අයත් ඒවා බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කොපමණ උපදෙස් දුන්නත් වාහන අවභාවිතාව දිගින් දිගටම සිදුවන බව පෙනී යන්නේ යැයි මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසුවා.

එකම උත්සවයට, එකම සාකච්ඡාවට එකම ආයතනයේ ප්‍රධානීන් තවමත් වෙන වෙනම වාහනවලින් පැමිණීම දිගින් දිගටම සිදුවන බවත් මේ හේතුවෙන් ද විශාල මුදලක් නාස්ති වන බවත් රජයට පෙනී ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ වාහන පරිහරණය සම්බන්ධයෙන් අලු‍ත් උපදෙස් මාලාවක් ළඟදීම නිකුත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.

රජයේ ආයතනවල වාහන අවභාවිතාව පිළිබඳ තොරතුරු විගණන වාර්තාවල අද සුලබව දක්නට ලැබෙන බව පවසන මුදල් අමාත්‍යාංශය වාහන අවභාවිතා වැළැක්වීමට විගණනය ලබාදී ඇති නිර්දේශ පවා බොහෝ ආයතන ක්‍රියාත්මක කර නැතැයි පෙන්වා දෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago