රජයේ වෛද්‍යවරු හෙට වර්ජනයක!

රජය ගෙන යන අසාධාරණ සහ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය පරාජය කිරිම සඳහා හෙට (8) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති ගණනාවක දහස් ගණනක් වූ නියෝජිතයින් කොළඹ හයිඩ්පිටියේදී දැවන්ත විරෝධතාවයට පවත්වන බවත්, ඊට සමගාමීව පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනයන්හී හදිසි සේවාවන් හැර සියලුම ප්‍රතිකාර සේවාවන් (චැනලින්) නතර කිරිමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
බදු ගෙවීමට විරුද්ධ නැති නමුත් ගෙවීමට නොහැකි බද්දක් පටවමින් බුද්ධිමතුන් රටින් පලවා හරින බදු ප්‍රතිපත්තියක්, වැටුප් විෂමතාවන් නිර්මාණය කරන බදු ප්‍රතිපත්තියක් , අයිතිකරුවෙක් නැති අවජාතක බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇති බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද ආණ්ඩුව එයට කන්නොදෙන්නේ නම් ඔවුන් ඉල්ලන භාෂාවකින් උත්තර සැපයීමට වෘත්තීයවේදීන් සුදානම් සිටින බවද හෙතෙම පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව අද දහවල් 12ට රැස්වන අතර රජයේ රෝහල් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිලිබඳව මෙහිදී තීරණය කරන බවද වෛද්‍ය අලුත්ගේ ප්‍රකාශ කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago