අද පැවැත්වෙන නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම හරහා කාරක සභා රැසක් අවලංගු වී තිබීම හේතුවෙන්.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සදහන් කළා.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමද පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධාන ගතව සිටින සෙසු දේශපාලන පක්ෂ රැසක් එම උත්සවයට සහභාගිවීමට නියමිතයි.
එසේම දෙමළ ජාතික සන්ධානය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද මීට සහභාගී වන බව එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කළා.
එමෙන්ම ජාතික ජන බලවේගය ද අද පැවැත්වෙන නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කළ බව විජිත හේරත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…