ජනපති මැදුරේ තිබී අරගලකරුවන් ට හමුවූ සල්ලි ගැන ගෝඨාභය හෙළි කරයි !

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බවත් ඒවා රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පැවසීය.

එබැවින් මේ වනවිට අධිකරණය භාරයේ ඇති එම මුදල් හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගයක් කරන්නැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම මුදල් හිටපු ජනාධිපතිවරයා විසින් උපයාගත් ආකාරය හෝ ඔහුට එම මුදල් ලබාදුන් ආකාරය පිළිබඳව කිසිවක් ඔහු ලබාදුන් ප්‍රකාශය අනුව අනාවරණය කර නොමැති බවත් එකී මුදල් උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විධිමත් විමර්ශනයක් සිදුනොකර ඔහුට එම මුදල් යළි ලබාදෙන ලෙසට කළ ඉ්ලලීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ දැඩි විරුද්ධත්වය දැක්වූහ.

හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිට හා මුදල් ලැබුණු ආකාරය හෙළි නොකර ඇති අවස්ථාවකදී එම මුදල් ඔහුට භාරදීමට නියෝගයක් සිදුනොකරන ලෙසටද අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පොලිසියේ විශේෂ විමර්ශන අංශය විසින් සිදුකළ එම විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට පොලිස්පතිවරයා විසින් නියෝග කොට ඇත්තේ විමර්ශන ආරම්භ කොට බොහෝ කලක් ගත වුවත් තමාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හෝ විමර්ශන නිලධාරීන් පියවර නොගත් නිසා බව පවසමින් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට කළ නියෝගයක් අනුව වන්නේ යැයි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා අධිකරණයට පැවසීය.

කරුණු එලෙස නම් එම විමර්ශනවලට අයුතු ලෙස මැදිහත්වී ඇත්තේ කිසිවකු හෝ නොව ටිරාන් අලස් මහතා වන්නේ යැයිද ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයට පැවසූහ.

අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් පැවසූ පරිදි හිටපු ජනපතිවරයාට එම මුදල ලැබුණු ආකාරය ඔහු හෙළි කර නොමැතිනම් ඒ පිළිබඳව සොයා බැලීමක් කළ යුතුව ඇතැයි ද මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබාදී එම මුදල් ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට නියෝග කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්ලේෂණ වාර්තා ඊයේ මොබිටෙල් ආයතනය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එදින කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවට එම විශ්ලේෂණ වාර්තා මගින් අනාවරණය කර තිබුණි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago