ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත එළියට !

දිවියෙන් සමුගත් ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමති පත්‍රය මුල් වරට නිකුත් වී තිබේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ, වෝන් සිය අමෙරිකානු ඩොලර් මිලියන 20.7ක් වටිනා බූදලය ඔහුගේ දරුවන් අතර බෙදා දී ඇති බව ය.

ඒ අනුව, ඔහු තම ධනයෙන් සියයට 31 බැගින් තම දරුවන් තිදෙනා වන ජැක්සන්, බෲක් සහ සමර් වෙත බෙදා දී ඇති බව ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද ලේඛන හෙළි කරන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉතිරියෙන් සියයට දෙකක් ඔහුගේ සොහොයුරා වන ජේසන්ට සහ සියයට දෙකහමාරක් බැගින් ඔහුගේ ඥාති දියණිය ටයිලා හා ඥාති පුතු සෙබස්තියන් අතර බෙදී ගිය බව හෙරල්ඩ් සන් වාර්තා කර තිබේ.

නමුත් ඔහුගේ පුත්‍රයාට ඊට වඩා වැඩි කොටසක් පවරා ඇතැයි සඳහන් වේ.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් 375,000ක පමණ වටිනා වෝන්ගේ වාහන වන Yamaha යතුරුපැදියක්, BMW සහ Mercedes වර්ගයේ මෝටර් රථ ජැක්සන්ට ලබා දී ඇත.

කෙසේ වෙතත්, ඔහු තම දරුවන්ගේ මව වන සිමෝන් කැලහාන්ට හෝ ඔහුගේ හිටපු පෙම්වතිය වන ලිස් හර්ලි වෙනුවෙන් කිසිවක් ලබා දී නැතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩොලර් මිලියන 20.7ක් වටිනා බූදලයට වික්ටෝරියා ප්‍රාන්තයේ පෝට්සීහි ඇති ඔහුගේ ඩොලර් මිලියන 6.5ක් වටිනා නිවස සහ ඔහුගේ ඔස්ට්‍රේලියානු බැංකු ගිණුමේ ඇති ඩොලර් මිලියන 5 ද ඇතුළත් ය.

ඊට අමතරව HSBC බැංකු ගිණුමක ඩොලර් 500,000ක් පමණ ද ඩොලර් මිලියන 3 කට ආසන්න කොටස් ද තිබී ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඩොලර් මිලියන 2ක් වටිනා අනෙකුත් වත්කම් අතර ජෙට් ස්කී එකක් ද වූ බව සඳහන් ය.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෝර්න්ට අමෙරිකානු ඩොලර් 295,000ක ණය ගෙවීමට තිබුණු බව ය.

52 හැවිරිදි වියේ පසුවූ වෝන් පසුගිය වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේදී හෘදයාබාධයකින් මිය ගිය අතර ඔහුගේ හදිසි මරණය ලෝකය කම්පනයට ද පත් කළේ ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago