අවුරුදු 11ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරිම සහ පහළොස් හැවිරිදිවියේ පසුවන පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරිම සම්බන්දයෙන් කට්ටඩියෙකු අත්අඩංගුවට ගත්බව ඕපාත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම, 4 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි.
මෙම කට්ටඩියා ශාස්තර කීම සඳහා වරමක් ලබාදෙන බව පවසමින් ඇයගේ නිවස තුළදී හිනිදුම බානගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 වියැති දැරියක් දුෂණය කොට තිබුණි.
මෙකි දැරියගේ පියා දැඩිලෙස මත්පැන් පානයට ඇබ්බැහිවිම නිසා එය නතර කිරිම සඳහා ගුරුකමක් කිරීමට දැරියගේ මව විසින් කට්ටඩියා ගෙන්වා තිබුණි. දැරියගේ නිවසට පැමිණි කට්ටඩියා දැරිය දැක අයට දේවවරමින් ශාස්තර කිම සඳහා වරමක් ලබාදිය හැකි බව පවසා ඇත. පසුව කට්ටඩියා විසින් දැරියගේ දෙම්ව්පියන් නිවසේ පිටතින් තබා දැරියට ආරූඪය ලබා දීමට බව පවසමින් ඇය නිවස තුළට රැගෙන ගොස් ඇත.
එම අවස්ථාවේ විදුලිය ද විසන්ධි වි ඇති අතර කට්ටඩියා විසින් නිවස තුළදි දැරිය දුෂණයට ලක්කොට ඇත. පසුව මේ පිළිබද දැරිය මවට පවසා ඇති අතර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කට්ටඩියා අත්අඩංගුවට ගනු ලැබිය.
මෙකි කට්ටඩියා අවුරුදු 15ක් වියැති පාසල් සිසුවියක් නෙළුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇයටද ලිංගික අතවර කොට තිබු බව පොලිසිය පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…