පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ගැන අධිකරණයෙන් තීරණයක් !

එළඹෙන මාර්තු මස 9 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙමින්, ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පසුගියදා ගොනු කළ අදාල පෙත්සමේ පවතින දෝෂ සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ගනු ලැබුවා.

මේ අතර ඉහත කී පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් විසින් පෙත්සම් ගොනු කරනු ලැබූ පෙත්සම ද අද (10) විභාගයට ගැනුණා.

එහි දී අදාල පෙත්සම සලකා බලමින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු මඩුල්ල විසින් ප්‍රකාශ කළේ, ජනතාවගේ අයිතියක් වන, සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යි.

ඒ අනුව එළඹෙන මාර්තු මස 9 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (10) උපදෙස් දෙනු ලැබුවා.

අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය නීත්‍යනුකූලව පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම දැනටමත් භාරගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග අවශ්‍ය නොවන බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago