කාත්තන්කුඩි ප්‍රදේශයේදී අමානුෂික ප්‍රහාරයකට ලක්වූ කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 11 හැවිරිදි වියේ පසුවූ කුඩා පිරිමි දරුවෙකි.
දරුවාගේ මවගේ දෙවන විවාහයේ පුරුෂයා නිවස තුළදී දරුවාට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.
දරුවාගේ පියා විසින් පසුගිය 08 වනදා කාත්තන්කුඩි පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ අදාළ සැකකරුගේ පහරකෑමට ලක්ව දරුවා මඩකලපුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය විසින් සැකකාර සුළු පියා එදිනම අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකි.
ඊයේ (9) දින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ සැකකරු එළඹෙන 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටය.
කෙසේ වෙතත් අමානුෂික ලෙස පහරකෑමට ලක්ව මඩකලපුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවා ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (10) දින පොලීසිය විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…