ඉකුත් සඳුදා (06) තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවලින් මිය ගිය ගණන මේ වන විට 23,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර තවමත් සුන්බුන් තුළ සිර වූ පිරිස් ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ඊයේ (10) දිනයේ දී සුන්බුන් අතර සිරවී සිටි දින 10 ක් වයසැති බිළිඳෙකු සහ ඔහුගේ මව බේරා ගැනීමට සමත් වී තිබෙනවා.
ගලවා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරේ, ඒ සඳහා බලධාරීන් වඩා වේගවත්ව ප්‍රතිචාර දැක්විය යුතුව තිබූ බව තුර්කියේ ජනාධිපති තායිප් එඩුවාන් ප්‍රකාශ කරනවා.
කෙසේ නමුත් පවත්නා දැඩි ශීත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව නිවාස අහිමි වීම සහ ආහාර හිඟයට මුහුණ දීම වැනි ප්‍රශ්නවලින් දැඩි ලෙස පීඩා විඳින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ අතර සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් භූමි කම්පාවෙන් පසු විපතට පත් ප්‍රදේශවලට සිය පළමු සංචාරය ඊයේ සිදු කළ අතර, ඔහුගේ බිරිඳ අස්මා සමඟ ඇලෙප්පෝ හි රෝහලකට ගිය බව ද සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
ආපදාව හේතුවෙන් පීඩාවට පත්ව සිටින සිරියානු ජනතාව වෙත මානුෂීය ආධාර බෙදා හැරීම සඳහා 12 වසරක සිවිල් යුද්ධයේ යෙදී සිටින මානුෂීය හමුදා හරහා සිදු කළ යුතු බවයි බෂාර් අල් අසාද් රජය අනුමත කරන්නේ.
මේ අතර ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින වයඹදිග සිරියාවේ යුද තත්ත්වය සහන ප්‍රයත්න සංකීර්ණ කරන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…