සිරිපා පුදබිමේදී මවක් බිළිඳියක ප්‍රසූත කරයි !

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු මවක් තම දෙවැනි බිළිඳිය ඉදිකටු පහනේදි බිහිකර පුවතක් වාර්තා වනවා.

වන්දනාවේ පැමිණි මෙම කාන්තාව ඇයගේ ප්‍රසූතය ඊයේ (11) රාත්‍රියේ දී සිදුකර ඇති අතර, එම නව බිළිඳිය ගැහැනු දරුවෙකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවසුවා.

ගත වු දෙදින තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිරිපාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එම පිරිස අතර රත්නපුර – මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද – උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉදිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර ව සිටියදි මෙම සිදුවීම සිදුව ඇත්තේ රාත්‍රී 7.30ට පමණ බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

බිළිඳා ප්‍රසූත කිරීම සඳහා පැමිණ සිටි කාන්තා බැතිමතුන්ගේ සහාය ද ඇයට හිමිව තිබෙනවා.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ සිරිපාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ගේ සහාය මත දරු ප්‍රසුතිය සිදු කළ කාන්තාව සහ සිඟිත්තිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසයි.

එම අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැඳවා තිබු නල්ලතන්නිය පොලිසිය මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙනවා.

දරු ප්‍රසුතිය සිදු කල මව සහ අලුත උපන් සිඟිත්තියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි දික් ඔය මූලික රෝහල සඳහන් කළේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago