අතුරුදහන්ව තිබූ සාගර විශ්ව විද්‍යාල සිසුවාගේ සිරුර ධීවරයෝ සොයාගනිති !

හලාවත මුහුදේ දිය නාමින් සිටියදී දිය රළකට හසුව අතුරුදහන්ව සිටි සාගර විශ්ව විද්‍යාල සිසුවාගේ සිරුර අද (13) අලුයම ඉරණවිල අඹකදවිල මුහුදේ පාවෙමින් තිබියදී ධීවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබූ බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ, මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයේ ඉංජීනේරු පිඨයේ අවසන් වසර අධ්‍යයන කටයුතු වල නිතර වෙමින් සිටි රඹුක්කන වහව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මලිත් ධීමන්ත ජයලත් නැමති 25 හැවිරිදි සිසුවෙකි.

මෙම ඉංජීනේරු සිසුවා තම පවුලේ 60 කට ආසන්න පිරිසක් සමග 11 දින විනෝද චාරිකාවක නිරත වෙමින් සිටියදී හලාවත තානායම ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටියදී මෙසේ දිය රළකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබුණි.

සිසුවාගේ සිරුර සොයා නාවික හමුදා කිමිදුම් ඒකකය දින දෙකක් පුරා මෙහෙයුම් කර තිබුණද සිරුර හමුවී නොතිබු බව කියයි.

කෙසේ වෙතත් 13 දින අලුයම ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි අඹකදවිල ධීවරයින් මුහුදේ මළ සිරුරක් පාවෙනු දැක ඒ බව හලාවත මුලස්ථාන පොලිසියට දැනුවත් කිරීමේන් පසු පොලිස් දැනුම් දීම මත සිරුර අඹකදවිල වෙරළර රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

මෙම සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය හලාවත මහ රෝහලේදී 13 දින දහවල් පැවැත්විමට නියමිතව ඇති බව පොලිසිය පැවසීය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු. ගමගේ මහතාගේ උපදෙස් මත හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලියු.ඩි.එස්.පත්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ සදහා එක්වී සිටිති.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago