කථිකාචාර්යවරයෙක් මරන්න විස වායුවක් දැම්මැයි රුහුණේ උපකුලපතිට චෝදනා !

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරිගේ කථිකාචාර්යවරයාගේ කාර්යාලයට විෂ වායුවක් ඇතුළු කර ඔහුගේ ජීවිතයට හානි කිරීමට තැත් කළ බවට චෝදනා එල්ලවී ඇති රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ලබන බදාදා (පෙබ. 15) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී උපකුලපතිවරයා හැසිරුණු ආකාරය පිළිබඳව සෑහීමකට පත්නොවීම හා සිද්ධියට අදාළව කෙරෙන විමර්ශන විධිමත් අයුරින් පැවැත්විය යුතු බවට බලකරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

සෙසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ආචාර්යවරියන් මෙදින රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසීය.

වැඩ වර්ජනයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඔහු පැවසීය.

කථිකාචාර්ය රොහාන් ලක්සිරිගේ ඉකුත් සෙනසුරාදා (පෙබ. 11) රාත්‍රි කාලයේ විශ්වවිද්‍යාලයේ පිහිටි ඔහුගේ කාර්යාලය තුළ වෘත්තීය සමිතිවලට අදාළ කටයුතුවල නිරතවෙමින් සිට නිවස වෙත ගොස් පසු දා කාර්යාලය වෙත පැමිණි පසු එහි දුර්ගන්ධයක් ඇති බව පවසමින් නැවත නිවස වෙත ගොස් ඇති බව ද උපකුලපතිවරයා පැවසීය.

එසේ ගිය කථිකාචාර්යවරයා එදින දහවල් 1.40ට පමණ නිවසේ සිට එම සිද්ධිය පිළිබඳව තමා දැනුවත් කළ බව ද පසුව තමන් කථිකාචාර්යවරයා සිටි කාර්යාලයේ දොර විවෘත කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ නමුත් එහි එවැනි දුර්ගන්ධයක් නොදැනුණු නිසා තවදුරටත් විමර්ශනය කරන බව පවසමින් ආපසු ගිය බව ද උපකුලපතිවරයා පැවසීය.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කථිකාචාර්යවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව දැනගන්නට ලැබුණු බව ද කථිකාචාර්යවරයාගේ ජීවිතයට හානි කිරීමට කටයුතු කළ බවට තමාට එරෙහිව නැගෙන චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව ද උපකුලපතිවරයා ප්‍රකාශ කළේ ය.

සේවය පැහැර හරින ඇතැම් කථිකාචාර්යවරුන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව තමන් විනය ක්‍රියාමාර්ග ගැනීම මෙසේ තමන්ට චෝදනා එල්ල කිරීමට හේතු වී ඇති බව ද ඔහු පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago