දුම්රිය වර්ජනය අවසන් !

බලධාරින් සමග පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අතහැර දමා තිබෙනවා.

අද (13) පෙරවරුවේ සිට දුම්රිය රියදුරන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් ඇතුලුව දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරුණා.

ඒ අනුව,

  • පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 2 ක්,
  • මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් ද,
  • මුහුදු බඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබූ හික්කඩුව – මරදාන , අලුත්ගම -මරදාන සහ කළුතර – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර 3 ක් අවලංගු කෙරුණු බව‍යි ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago