ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව යුධ හමුදාව පවසයි.
ඩී.එන්.ඒ පරීක්ෂණයකින් මෙන්ම සහ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වන කරුණා අම්මාන් සහ දයා මාස්ටර්, ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මියගිය බවට තහවුරු කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් කියා සිටියේ.
එල්.ටී.ටී.ඊ නායකයා සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තුළ අද වැඩි කතාබහක් ඇති වුණේ ඔහු ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් තමිල්නාඩුවේ අද පැවති මුල්ලිවයික්කාල් සැමරුමකදී කළ ප්‍රකාශයක් හේතුවෙන්.
ප්‍රභාකරන් කඩිනමින් පැමිණ දෙමළ ජනයාට යහපත් ජීවිතයක් සඳහා සැලැස්මක් ප්‍රකාශ කරනු ඇති බවද එහිදී ඔහු කියා සිටියා.
නෙදුමාරන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියෙකු වන ආර්. කේ. රාධක්‍රිෂ්ණන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රභාකරන් පිළිබඳ ඇතැම් ඉන්දීය මාධ්‍ය සහ කණ්ඩායම් ප්‍රචාරය කරන හාස්‍යජනක සහ අස්‍යත්‍ය ප්‍රකාශවලට හසුනොවන ලෙසයි.
මෙවැනි ප්‍රකාශ හරහා ශ්‍රී ලංකාවේ විවිධ ජනකොටස් අතර ගැටුම් ඇතිවිය හැකි බවට ඔහු එමගින් සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…