පළාත් පාලන මැතිවරණය ඇනහිටී ? ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම් දෙයි !

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා.

අද (13) සවස 3.30ට පමණ මැතිවරණ කොමිසම වෙත ඇය මේ බව නිල වශයෙන් දන්වා ඇත්තේ, ඡන්ද පත්‍ර්කා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත් හිටුවීමට සිදු වන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු පවසා සිටියේ රජයේ මුද්‍රණාලයාධිපති මෙලෙස අවසන් මොහොතේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුපස බරපතල කුමන්ත්‍රණකාරී වාතාවරණයක් ඇති බවයි.

නිල ඡන්ද පත්‍රිකාවලින් කොටසක් මුද්‍රණය කර ඒවා මැතිවරණ දෙපාර්තමේන්තුවට රැගෙන යාමට පවා උපදෙස් දුන් රජයේ මුද්‍රණාලයාධිපති මෙලෙස හදිසියේ සිය ස්ථාවරය වෙනස් කිරීම හරහා සාධාරණ සහ නිදහස් මැතිවරණයක් පැවැත් වීමට ඇති අවස්ථාවන් අහිමි කරන පසුබිමක් ගොඩ නැගෙන බවයි අදාල ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago