වසන්තට එරෙහිව පොලීසිය සහ නීතිපති නැවත කදවුරු බඳිති !

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කරනු ලැබ ඇති බව වර්ත.ා වේ.
ඒ අනුව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇත. 2022 වසරේ අගොස්තු මාසයේ දී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග මත මාස තුනක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසින් රඳවා ගනු ලැබ තිබූ අතර තවත් මාස දෙකක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබිණි. පොලිසිය විසින් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කරන ලද චෝදනා නිර්මානය කරන ලද ඒවා බව සඳහන් කරමින් පසුගියදා ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වුවද මෙම නියෝගයට අවලංගු කිරීමේ ඇති හැකියාව සොයා බලන ලෙස පොලිසිය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago