ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලෝක කුසලානයේ දෙවන ජයත් වාර්තා කරයි!

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය ජයගැනීමට සමත්වුණා.

ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමින්.

කේප්ටවුන් හි දී මෙරට වේලාවෙන් ඊයේ (12) රාත්‍රී 10.30ට ආරම්භ වූ එම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිනාගත්තා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තීරණ කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස්කළා.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් Sobhana Mostary ලකුණු 29ක් රැස්කළ අතර නායක Nigar Sultana ලකුණු 28ක් රැස්කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධී රණසිංහ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, ලකුණු 127ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 41ක් රැස්කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago