OPEX Holdings කළමණාකාර අධ්‍යක්ෂක ඝාතකයා බිරිඳගේ සහයිකාව ද ? – පොලිස් විමර්ශන දිගටම !

පසුගිය 02 දා ඉන්දුනීසියාවේ සුඛෝපභෝගී මහල් නිවාසයක් තුළ අභිරහස් ලෙස ඝාතනය වූ OPEX Holdings කළමණාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ගේ ඝාතනය ලංකාවේ දී සැලසුම් වි ඇති බවට පෙනී යන බැවින් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නගේ උපදෙස් අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් දෙපාතමේන්තුව පවසයි.
අපරාධ විමර්ශකයින් පවසන්නේ දැනට ඉන්දුනීසියාවෙන් ලැබෙන තොරතුරු පෙළ ගැසෙන විට මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඔනේෂ් සුබසිංහගේ බිරියවන බ්‍රසිල ජාතික රෝසා ද සිල්වා සමග සිටි ඇයගේ සහායිකාව විසින් යැයි අනාවරණය වන බවය.

මෙම ඝාතනය සම්බන්ධව කෙරෙන විමර්ශනයට ජාත්‍යාන්තර පොලිසියේ සහාය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

මේ විමර්ශනයේ දී අනාවරණයවන කරුණු මත අවශ්‍යතාවයක් ඇති වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව වෙත යනු ඇතැයි ද පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය 02 සිදුවූ මෙම ඝාතනයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිය වූ රෝසා ද සිල්වා ඔවුන්ගේ සිවු හැවිරිදි දියණිය ද රැගෙන සහායිකාව සමග කටාර් රාජ්‍යය බලා පලා ගොස් ඇති බව ජාකර්තා පොලිසිය කළ විමර්ශනයේ දී ආනාවරණය වී ඇත.

පසුගිය ජනවාරි 20 දා නිවාඩුවක් ගතකිරීමට ඔනේෂ් සිය බිරියත් බිරියගේ සහායිකාවත් සමග ඉන්දුනිසියාවට ගොස් තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago