ආදරවන්තයින්ගේ දිනයට කංසා මිශ්‍ර චොක්ලට් වෙළඳපොලට?

කංසා මිශ්‍ර චොක්ලට් නිෂ්පාදනය කර නිකුත් කළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසනවා.

කංසා මිශ්‍ර කළ චොකලට් වැලන්ටයින් දින වෙළඳපොළ සඳහා නිර්මාණය කර ඇති අතර එය සමාජ මාධ්‍ය ප්‍රචාරණ රැසක මාතෘකාවක් වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පී තරංග මහතා ප්‍රකාශ කළේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නම අවභාවිත කරමින් මෙම චොක්ලට් නිෂ්පාදනය කර ඇති බවත්, ආදරවන්තයින්ගේ දිනය සමරන තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධනය කිරීම් කිහිපයක්ද පවත්වා ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ආයුර්වේද නාමයක් භාවිත කරමින් ආයුර්වේද නොවන ඖෂධයක් ප්‍රචාරය කිරීම නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි වෛද්‍යවරයා පැවසුවේ.

විශේෂයෙන් ආයුර්වේදයේ නම සඳහන් කිරීමේදී කංසා අඩංගු ආහාර ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර ප්‍රවර්ධනය කිරීමට පෙර සුදුසු බලධාරීන්ගේ අවසරය ලබාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අලුතින් නිෂ්පාදනය කරන ඖෂධ හෝ ආහාර ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අනුමත කර ඇති අවස්ථාවක වුවද එය ‘සූත්‍ර කමිටුවට’ ඉදිරිපත් කර නැවත අනුමැතිය ලබා ගත යුතු අතර ප්‍රචාරණය සඳහා තවත් අවසරයක් ලබාගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago