තරුණ පිරිසක් හෙල්මට් වලින් පහරදී එක්දරු පියෙක් ඝාතනය කරයි  !

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද (14) රාත්‍රි තරුණ පිරිසක් හෙල්මට් වලින් පහරදීමෙන් එක්දරු පියෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි .
ඝාතනයට සම්බන්ධ 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කීය.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය සදහන් කරයි.

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී අවුරුදු 16 වයසේ පසුවන තරුණයින් කිහිප දෙනකු සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හෙල්මට් වලින් පහරදී ඇතැයි සදහන් වේ.

පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබාසිටී පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි පැවසේ.

ඝාතනය සම්බන්ධ අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

සැකකරුවන් ගමන් කළ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන් වේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද කැදවීමට කටයුතු කරන බව පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago