තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල ප්‍රමාදයක් නිසා, හෙට දිනයේදී ඒවා බෙදාහැරීමක් සිදු නොවන බව, මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී දැනුම් දී තිබෙනවා.
මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද මෙම සාකච්ඡාව පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා.
ප්‍රශ්නය – ඡන්දය සම්බන්ධයෙන් නිශ්චිතයක් නැද්ද?
“තැපැල් ඡන්ද පත්‍රියා බෙදාහරින බව අපට කලින් දැනුම් දී තිබුණා. නමුත් මේ සාකච්ඡාවේදී අද කිව්වා මේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දිනයේ බෙදාහැරීම් සිදුකරන්න බෑ කියලා.”
ප්‍රශ්නය – ඒ කියන්නේ වෙන දිනයක් දුන්නෙත් නැද්ද?
“ඒක මැතිවරණ කොමිෂන් සභාව කතා කරලා තීරණය කරයි. පැහැදිලිව විස්තර කරලා කිව්වා රජයේ මුද්‍රණාලයෙන් කිව්වා කියලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් නැතුව එය සිදුකරන්න බෑ කියලා.”
2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පෙබරවාරි 22, 23 සහ 24 දිනයන් වෙන් කර තිබේ.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…