බොරැල්ලේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මියයෑමේ සිද්ධියේ සම්පූර්ණ CCTV වීඩියෝ දර්ශන !

බොරැල්ල, වනාතමුල්ල හල්ගහවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ආරක්ෂක අංශ ඊයේ (13) රාත්‍රීයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ CCTV වීඩියෝව මාධ්‍යට නිකුත්කර තිබේ.

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඇති වූ පොරබැදීමකදී හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකුගේ ගිනිඅවියක් එක්වර ක්‍රියාත්මකවීමෙන් මෙම වෙඩිවැදීම සිදුව තිබුණි.

බොරැල්ල, පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරක් මත යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඊයේ පස්වරුවේ මෙහෙයුමක් දියත් කළේය.

පොලිසිය සඳහන් කළේ එම ස්ථානයේදී සැකකරුවෙකුව අත්අඩංගුවට ගත් බවත් එහිදී සිදුවූ පොරබැදීමක් අතරතුර යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකුගේ ගිනි අවියක් එකවරම ක්‍රියාත්මක වී ඇති බවය.

එම යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා සිය ගිනි අවිය සාක්කුවෙන් පිටතට ගෙන සැකකරු සමග පොරබදන අතරතුර ගිනි අවිය ක්‍රියාත්මක වන ආකාරය අසල තිබු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එලෙස ගිනි අවිය ක්‍රියාත්මක වීමත් සමඟ ඒ අසල සිටි කාන්තාවකට වෙඩිවැදී බිම ඇද වැටුණි.

වෙඩි වැදුණු කාන්තාව රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා විය. මෙලෙස මිය ගියේ බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දෙදරු මවකි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago