2018 වසරේදී ලොවම කැළඹවූ සිදුවීමක් වූයේ තායිලන්ත පිරිමි ළමුන් 12 දෙනෙක් ගැඹුරු ලෙනක් තුළ අතරමංවීමය.
ඔවුන් පාපන්දු කණ්ඩායමක සාමාජිකයින් විය.
නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඔවුන් එම ලෙන තුළට ගොස් තිබු අතර සති දෙකකට පසුව ඔවුන්ව බේරා ගැනුණි.
එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ දුඅන්පෙට්ච් ප්රෝම්තේප් ය.
ඔහු මීට වසරකට පමණ පසුව එක්සත් රාජධානියට ගොස් තිබුණේ වැඩිදුර පාපන්දු පුහුණුව සඳහා ය.
ඔහු සම්බන්ධයෙන් දුක්ඛිත පුවතක් අද (15) ජාත්‍යන්තර මාධ්‍යයෙහි සඳහන් විය.
ඒ ඔහුගේ මරණය සම්බන්ධයෙනි.
පසුගිය සඳුදා ඔහුව සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට ඔහු නැවතී සිටි ස්ථානයේ පිරිස පියවර ගෙන තිබුණි.
එහෙත් ඔහු අද මරණයට පත්වී තිබේ.
පිරිමි ළමුන් 12 දෙනා ගැඹුරු ලෙන තුළින් මුදා ගැනීමට තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහාය ඇතුව අති භයානක මෙන්ම සංකීර්ණ ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබුණි.
දරුවන් ලෙන තුළට ගියපසු ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් එය ජලයෙන් පිරී යනවාත් සමග දරුවන් ලෙනෙහි ගැඹුරට ගමන් කර තිබේ.
දැඩි අන්ධකාරය තුළින්, ඉතා පටු මාර්ග ඔස්සේ, ගැඹුරු ජලයේ කිමිදෙමින්, අඩ සිහියේ පසුවන දරුවන් රැගෙන ලෙනෙන් පිටතට පැමිණි අති දුෂ්කර ගමන ගැන එකල ලොවම දැඩි අවධානයක් යොමු කළ සිද්ධියක් විය.
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21)…
අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර…
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්…
මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු…
බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව අද(21) දින සිට බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ පහක දඩයක්…
අධි සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම්කර ඇති සිංහරාජ වනාන්තරය හරහා දිවෙන අඩි අටක මාර්ගය අඩි 15…