ගම්පොල ATM යන්ත්‍රයක් ගලවාගෙන යාමේ සිද්ධියේ තොරතුරු එළියට !

ගම්පොල නරගයේ පිහිටි පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් ගලවාගෙන යාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් සිව් දෙනෙක්ම එකම පවුලේ සාමාජිකයන් බව හෙළිවී තිබෙනවා.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් දෙදෙනෙක් නිවුන් සහෝදරයන් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් හය දෙනෙක් පැය 48ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට නියෝග ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැරීමට ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කර තිබෙනවා.

මේ අතර බැංකුවෙන් කොල්ලකන ලද ATM යන්ත්‍රය සහ එහි කොටස් ගලහ – හල්වත්ත ප්‍රදේශයේ අඩි 200ක පමණ ප්‍රපාතයකට දමා තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

කොල්ලකන ලද රුපියල් 1870000ක මුදල්වලින් මිලදී ගත් බවට සැක කරන වෑන් රථයක්, යතුරු පැදියක්, රන්මාල දෙකක්, රෙදි සෝදන යන්ත්‍ර දෙකක්, ජංගම දුරකථනයක් සහ රන් මුදුවක් මේ වන විට පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොවුන් 2020 වසරේ දෙසැම්බර් 06 වනදා ගලහ ප්‍රදේශයේ මුල්‍ය ආයතනයක් කොල්ල කා එහි තිබූ සේප්පුව රැගෙන යාමට උත්සාහ දරා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago