හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ රාජපක්ෂ චීනය බලා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාට , සිය පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ (V.I.P. Lounge), මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මධ්‍යයේ හෝ එසේ නැතිනම් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ පිටත්ව යාමට පහසුකම් තිබියදීත් , කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.
එය විශේෂ තත්ත්වයක් බවත් ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි. ඔවුන් අද අලුයම 12.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් එසේ පිටත්ව ගොස් තිබේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…