ජනප්‍රිය නිළි ටනාෂාට අධිකරණයෙන් පාඩමක් !

ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (පෙබ. 15) ටෙලි නිළි රුචිනි ටනාෂා හතරසිංහට නියෝග කළා ය.
මිත්තණිය විසින් තම මිනිපිරිය වන එම නිළියට සිය ප්‍රාණ භුක්තිය තබා එම නිවස ලියා දීමෙන් අනතුරුව මිනිපිරිය වන එම නිළිය මිත්තණිය වෙත ආදරයෙන්, කරුණාවෙන් සලකා නොමැති බව ත් ඒ අනුව ඇයගේ එම ක්‍රියාව ඉතාමත් අකාරුණික, ගුණමකු ක්‍රියාවක් බවට නිගමනය කරමින් රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස්දහස බැගින් දීමනාවක් මිත්තණියට ගෙවන ලෙස ද විනිසුරුවරිය විත්තිකාරිය හට නියම කළා ය.

මෙම නඩුවේ පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බව ත්, අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු කර නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට තීන්දුව ලබා දෙන බව විනිසුරුවරිය සඳහන් කළා ය.

හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා යන මිත්තණිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පී මිනිබිරියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග නිකුත් කළාය.

මෙම නඩුව 2016 වසරේ ගොනු කර ඇති අතර කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දරුවන් සමග ජීවත් වූ මිත්තණිය සිය පවුලේ කුලුඳුල් මිනිපිරිය වන රංගන ශිල්පී විත්තිකාරියට 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අදාළ නිවෙස පවරා දී ඇති බව ත් එම නිවස පවරා දීමට පෙර මිත්තණිය සමග කුලුපගව ආදරෙන් සිටි විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බව ත්, ඉන්පසුව මිත්තණිය සිටී ද? නොසිටී ද? යන්න පවා සොයා බැලීමට වත් දුරකතන ඇමතුමක් හෝ ලබා දීමට කාරුණික වී නොමැති බව ත් අධිකරණයේදී අනාවරණය වී ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළා ය.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය, කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක් ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක් ද මිත්තණියට ගෙවන ලෙස නියෝග කළා ය.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවා පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරුසරුවක් නොමැතිව කතා කර ඇති බව ද විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළාය.

තම මිත්තණිය හෘද රෝගයෙන් පෙළෙන බව නොදන්නා බව ත් ඇය ඒ බව තමන් හට පැවසුවා නම් ඇයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වියදම් ලබා දෙන බව ත් මෙම නඩුව ගොනු කරන තෙක් ඇයව මුණනොගැසුණු බවත් විත්තිකාරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව විනිසුරුවරිය සිය තීන්දුවේදී පැවසුවා ය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා සමග නීතිඥ එස්. ජනගන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා පෙනී සිටියේ ය.

Ceylon News Factory

Recent Posts

SpaceX රොකට්ටුවක් පුපුරා යයි!

ගුවන් ගමන් පරීක්ෂණයක් සඳහා සූදානම් වෙමින් සිටියදී SpaceX Starship රොකට්ටුවක් දැවැන්ත ගිනි ජාලාවක් නිර්මාණය කරමින්…

3 hours ago

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැරට දින නියම වෙයි!

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර ඇත. දියවඩන නිලමේ ප්‍රදීප්…

4 hours ago

පැතුම් නිශ්ශංකගෙන් බංගලියන්ට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් : තෙවන දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනට අද…

5 hours ago

උතුරු කොරියාව කලකට පසු වැඩ අල්ලයි : මුහුද​ට රොකට් ප්‍රහාරයක්!

අමෙරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව කොරියානු අර්ධද්වීපයේ සිදුකළ ගුවන් අභ්‍යාසයෙන් පැය කිහිපයකට පසු උතුරු…

5 hours ago

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන්…

6 hours ago

කෙහෙළිය ගෙනා බෙහෙත් වල මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත බැක්ටීරියා වතුර අන්තර්ගතයි – නීතිපති අධිකරණයට කියයි!

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 11…

6 hours ago