සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා ඒ බව සඳහන් කර ඇත.
ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව දැනුම් දී ඇත.
තවද සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින් අද (16) දින පස්වරු 4ට පසුව විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බව ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් හා එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි පාලනාධිකාරිය මෙම පියවර ගෙන ඇත්තේ.
ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 09 දෙනෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…