66%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු බැවින් බ්‍රහස්පතින්දා (16) සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
විදුලි බිල පියවා ගැනීමට නොහැකිව සිටින පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයකට එළැඹීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසුවේ.
බදාදා (15) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබුණා.
ඒ කොමිසමේ සභාපති ජනක රත්නායක හැර මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේ එකඟතාවය මතයි.
මෙම යෝජනාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…