පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබා දීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මේ බව ප්‍රකාශ කර තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (පෙබ. 17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදු කළ සාකච්ඡාවේදී ඒ බව දැනුම් දී ඇති අතර සභාපතිවරයා සඳහන් කළේ, එහිදී මුදල් ලබා දිය හැකි කාල සීමාවක් පිළිබඳව තමන් අදාළ නිලධාරීන්ගෙන් විමසීමක් කළ බව ය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සකළ යුතු බව එහිදී එම නිලධාරීන් සඳහන් කර ඇත.
පසුගිය දා නිකුත් කෙරුණු චක්‍රලේඛය අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කළ යුතු බවට ත් මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බවට ත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එහිදි පෙන්වා දුන් බව සභාපතිවාරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලබාගත යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරට ත් පෙන්වා දුන් බව ය.
මුදල් ප්‍රතිපාදන ලබා නොදීම වැනි සිදුවීම්වලින් අදහස් වන්නේ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්විය නොහැකි බව ද ඔහු පැවසීය.
“මුදල් ප්‍රතිපාදන දෙන්නේ නෑ කියන්නේ, ඡන්දේ තියන්න බෑ කියන එක තමයි”
ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර කවරේ ද යන්න සම්බන්ධයෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කේ, රිට් පෙත්සමක් ගොනු කිරීම බව ය.
කෙසේ වෙතත්, ඉදිරියේදී පැවැත්වෙන නඩු විභාගයට අනතුරුව ඒ බව තීරණය කරන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…