සල්ලිවලට මන්ත්‍රීවරු මිලදී ගන්න හදන අයට එරෙහිව අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් !

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා ට කොළඹ මහාධිකරණය මාස 06ක සිරදඬුවම් නියම කර තිබේ.

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42ක මුදලක් ලබාදීමේ චෝදනාවට ඔහු වරදකරු බවට කොළඹ මහාධිකරණය නියෝග කර තිබුණි.

එම දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් පන්සීයක දඩයක් ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබෙන්නේ නම් අමතරව තවත් මාසයක සිර දඬුවමක් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වේ.

වසර හතක කාලයක් සඳහා විත්තිකරුගේ ප්‍රජා අයිතිය ද අහිමි කරන බව එම තීන්දුවේ සඳහන් වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදුනි.

තීන්දුව දෙමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවේ විත්තිකරු පැමිණිලිකාර මුසම්මිල් මන්ත්‍රීවරයාගේ අදහස් වෙනස් කිරීමේ අරමුණින් මුදල් ලබාදී ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවය.

පැමිණිලිකාර මුසම්මිල් මන්ත්‍රීවරයාට විදේශගතවීම සඳහා විත්තිකරු විසින් එම මුදල ලබාදුන් බව ඔහුගේ විත්තිවාචකයේ සඳහන්වේ.

එහෙත් එම කටයුත්ත සඳහා මුදල් ලබාදුන් බව ඔප්පු කිරීමට විත්තිය අසමත්වූ බව විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි කී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (1)අ වගන්තියේ සඳහන් වරද විත්තිකරු විසින් සිදුකර ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය ලබා දී ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago