ඉන්දීය ධීවරයින්ට ටිකට් එකක් !

ඉන්දීය ධීවරයින් සතු අශ්ව බල පනහට අඩු ධීවර යාත්‍රාවලට සතියකට දින දෙකක් උතුරු මුහුදේ මසුන් මැරීම සඳහා අවසර ලබා දීමේ යෝජනාවක් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා ආරම්භ වී තිබේ
ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය එල් .මුරුගන් පසුගියදා යාපනයේ සංචාරය කිරීමෙන් පසුව මේ යෝජනාව ඉදිරිපත් වී ඇති අතර ජනාධිපතිවරයාගේ මී ළඟ ඉන්දීය සංචාරයේදී එම යෝජනාව තහවුරු කිරීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ සිට උතුරු මුහුදට අනවසරයෙන් මසුන් මැරීම සඳහා පැමිණෙන ටෝලර් වර්ගයේ යාත්‍රා අශ්ව බල 150 හා ඊට වඩා වැඩි ධාරිතාවයකින් යුක්ත වන අතර එවැනි යාත්‍රාවලට නව යෝජනාවට අනුව උතුරු මුහුදු සීමාවට පැමිණීමට අවසර ලබා නොදීමට තීරණය කොට තිබේ.

අශ්ව බල පනහට අඩු යාත්‍රා වලට සතියකට දෙවරක් උතුරු මුහුදට පැමිණීමට අවසර ලබා දෙන අතර ඒ සඳහා යම් මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමට ඉන්දීය ධීවරයින්ට සිදු වන අන්දමට නව නීති සැකසීමට අදහස් කෙරෙයි.

නමුත් උතුරේ ධීවර සංගම් සඳහන් කරනු ලබන්නේ කවර නීති මාලාවක් යටතේ වුවද ඉන්දීය යාත්‍රාවලට උතුරු මුහුදට පැමිණීම සඳහා අවසර ලබා නොදිය යුතු බවයි.

CNFadmin

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago