මැතිවරණය ඉල්ලා කොළඹ ආ මිනිස්සුන්ට පොලීසියෙන් කදුළු ගෑස් !

අධික වර්ෂාව මධ්‍යයේ කොළඹ දී සංවිධානය කර තිබූ සජබ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන විරෝධතාවයක් කොළඹදී අද සංවිධානය කර තිබුනා.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සිය පක්‍ෂය සැලසුම් කර ඇති බවයි.

ආණ්ඩුව සිතා මතා මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් ආණ්ඩුවට විශාල පරාජයක් අත්වේ යැයි ඔවුන් බියෙන් පසුවන නිසා මැතිවරණය නොපවත්වා කල් දැමීමට සෑම උත්සාහයක්ම ගනිමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා වෙනත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයන් එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.

CNFadmin

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago