ශ්‍රී ලංකා

ජනපතිගේ මූලිකත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ.ජා.ප සභිකයින් 1137කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි !

පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (21) සවස ඒකමතිකව තීන්දු කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සභිකයින් බහුතරකගේ සහභාතීත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැති අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබිණි.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත. මොවුහු සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව සමගි ජනබලවේගයට සහාය දැක්වූවෝ වෙති.

එසේම මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂ වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දී ඇති අය බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු කර තිබේ.

සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක පමණ කණ්ඩායමක් නිදහසට කරුණු කීමට අවස්ථාව ඉල්ලා තිබුණ ද එය නොසලකා සියලු දෙනා ඉවත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කර ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago