ශ්‍රී ලංකා

පොදුජන පෙරමුණේ මන්ත්‍රී යකා නටයි – ජවිපෙ මන්ත්‍රීට මයික්‍රපෝනයකින්  පහර දීලා !

හබරාදුව ප්‍රාදේශිය සභාවේ අද (21) පැවති මාසික රැස්විම අතරතුර දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චමිල ප්‍රියංග විසින් ඔහුගේ මේසය මත සවිකොට තිබු මයිකපෝනය ගලවාගෙන ගොස් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තක්ෂිත රවිෂාන් ගමගේට පහරදිමෙන් ඔහු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
පහරදුන් බව කියන ශ්‍රිලංකා පොදුජනපෙරමුණේ මන්ත්‍රි චමිල ප්‍රියංගද අහංගම ගෙන්නගහහේන රෝහලට ඇතුළත්ව ඇත.

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම වැඩබලන සභාපති බන්දුපාල අබේකොන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයකු සම්බන්ධයෙන් ඇති වු මතගැටුමක් දුර දිග යාමෙන් මෙම පහරදිම වි ඇත.

පහරකැමට ලක්වු මන්ත්‍රිවරයාගේ හිසට හා කණට තුවාල වි ඇති අතර ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වාට්ටුවට ඇතුළත්කොට ඇත. පහරකෑමට ලක්වු මන්ත්‍රිවරයා රෝහලට රැගෙනවිත් ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ලයනල් ඉප්පලවත්ත ය. ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කිවේය.

“ චමිල මන්ත්‍රි සහ හර්ෂ මන්ත්‍රිවරයා අතර සභාවේ වාදයක් පැවතුනා. චමිල මන්ත්‍රිවරයාට මේක ඉවසන්න බැරිව එහා පැත්තට පැනලා මයික් එකේ ගාඩ් එකෙන් පහරදුන්නා. හර්ෂ මන්ත්‍රිවරයාගේ කණෙන් ලේ ආවා. මගේ වාහනයෙන් හර්ෂ මන්ත්‍රිවරයා කරාපිටිය රෝහලට රැගෙන ආවා

මෙම පහරදිම දැඩිලෙස හෙලා දකින බවත් පරාජයෙන් වියරුවැටි සිටින පොහෝට්ටුවේ මන්ත්‍රිවරු මෙවැනි දේ සිදුකරණ බවත් ජ.වි.පේ හිටපු පළාත් සභා මන්ත්‍රි රත්න ගමගේ සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago