ශ්‍රී ලංකා

ෂාෆ්ටර්ගේ මරණය ගැන ජාතික රෝහල් අධ්‍යක්ෂට අධිකරණ නියෝගයක් !

මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමට සම්බන්ද සියලු වෛද්‍ය වාර්තා ලබා දෙන ලෙස තමන් නියෝග කර සතියකට වඩා ගත වී ඇතත් මෙතෙක් එම වාරතා ලබා දීමට ජාතකි රෝහල අපොහොසත්ව ඇති බව ප්‍රකාශ කළ කොලඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔහු ඇතුළත් කළ ඇඳ හිස්පත් අංකය යටතේ ප්‍රතිකාර ලැබූ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා දින දෙකක් ඇතුළත දී වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඊයේ (22) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දෙවැනි වරටත් නියෝග නිකුත් කළාය.

මේ පිළිබඳව දන්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමු කිරීමටද නියෝග කළාය.

ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඔහු ප්‍රතිකාර කළ ඇඳ හිස්පතේ අංකය සඳහන් නොවන බැවින් 2022/12/15 වන දිනට අදාළව ප්‍රතිකාර ලබාගත් ඇඳ ඉහපත් වාර්තාව ඇතුළු සියලු අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ලබා දෙන ලෙස මරණකරුගේ පාර්ශ්වය විසින් පසුගියදා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කර තිබුණේ පසුගිය 14 වැනිදා ය.

මිය ගිය ෂාෆ්ටර් මහතා විසින් එම අවසන් වරට භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පල ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කළ රස පරික්ෂක වාර්තාවේ සඳහන් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන් අතර දැනට අධිකරණය වෙත ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා කෙටි මරණ පරීක්ෂණ වාර්තා=වේ කරණු පරස්පර බැවින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක්ද? සියදිවි නසා ගැනීමක්ද? යන්න නිශ්චිතව පැවසීමේ හැකියාවක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක මතය විමසීම සුදුසු බවට සඳහන් කළාය.

අතිරේක මහෙස්ථ්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය තවදුරටත් සඳහන් කර සිටියේ තමන් විසින් පස්‍රගිය 17 වැනි දින ලබා දුන් නියෝගවලට අනුව ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවය. එමෙන්ම ජ්‍යෙෂ්ඨතම වෝහාරික මහාචාර්යවරුන් සම්බන්ධයෙන් නාම ලේඛනයක් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා වෙත ඉදිරිපත් කර ඇති බව ද ඇය සඳහන් කළාය.එ අනුව ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා විශ්වවිද්‍යාල මහාචාර්ය කථිකාචාර්ය පස්දෙනකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් ඉදිරි සතියේ පත් කිරීමට කටයුතු සූදානම් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago