තරග 02කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ මාර්තු මස පැවැත්වීමට සූදානම් කර තිබෙන දෙරට අතර ටෙස්ට් තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින්ගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට හිමිව තිබෙනවා.
17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයින් දෙදෙනකු ද කැඳවා තිබෙනවා.
ඒ නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායකයි.
මීට අමතර ව අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ගොන්නට පිතිකරණය ලැයිස්තුවෙන් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා,දිනේෂ් චන්දිමාල් ඇතුළත් වනවා.
කෙසේවෙතත් මෙම තරගාවලියට ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන පැතුම් නිස්සංක ඇතුළත් කර නැහැ.
තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 27 වැනි දින නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…