ශ්‍රී ලංකා

රාජ්‍ය සේවකයින් 3.100කට අත්වන ඉරණම ?

ළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු විය.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මේවර පාළාත් පාලන මැතිවරණයට වැටුප් රහිතව රාජ්‍ය සේවකයින් 3,100ක් පමණ ඉදිරිපත් වී සිටන බවය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිවැරදී තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බැවින් එම පිරිස වෙනුවෙන් ගන්නා තීරණය කුමක්ද යන්න පිළිබඳව එහිදී මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

“මේ පළාත් පාලන මැතිවණරයට 3,100ක් විතර රාජ්‍ය සේවකයින් ඉදිරිපත්වෙලා තියෙනවා නිවාඩු අරගෙන ඉදිරිපත්වෙලා තියෙනවා. ඔවුන් ඉන්නේ පඩි රහිතව. ජනාධිපතිතුමා ඊයේ පැවසුවා ඡන්දයක් නෑ කියලා. ඉතින් මම, රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදියට අගමැතිවරයාගෙන් අහනවා මේ 3,100ක් වන රාජ්‍ය සේවකයෝ පඩි රහිතව ඉන්නවා. ඔවුන් පිළිබඳ ගන්න තීරණය මොකක්ද කියලා. “

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද අදහස් දැක්වීය.

“3,000කට වැඩි පිරිසක් ඔක්කොම 7,100ක් විතර රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයෝ මේ මැතිවරණයට නොයෙකුත් පක්ෂ වලින් සහ ස්වාධින කණ්ඩායම්වලින් නම් දීලා තියෙනවා. මේ මැතිවරණ ගැන තීන්දු ගන්නේ නැතිව මේ රාජ්‍ය සේවකයින්ට යම් සහනයක් ලබලාදෙන්න. නැතිනම් ඒ මිනිස්සුන්ට ගෙවල්වල කිසිදු ආදායමක් නෑ.”

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී.දිසානායක මහතා පැවසුවේ එම රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් මත නැවත සේවයට වාර්තා කළ හැකි බවය.

” මීට කලිනුන් ඒ වගේ ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට කැබිනට් එක තීන්දුවක් අරගෙන ආපහු සේවයට වාර්තා කරන්න කියලා තියෙනවා. අගමැතිතුමා එක්ක කතා කරලා මේ අයට සේවයට වාර්තා කරන්න කැබිනට් එකට තීන්දුවක් ගන්න පුළුවන්. මීට ඉස්සෙල්ලත් අරගෙන තියෙනවා.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago