දියවැඩියා ඖෂධ හෝ එන්නත් නිසි මාත්‍රාවන්ගෙන් ලබා නොගැනීම හේතුවෙන් ප්‍රදේශයේ දියවැඩියා රෝගීන්‌ගෙන් සියයට 80ක් පමණ දෙනාගේ රුධිරයේ සීනි මට්ටම පාලනය නොවි සිඝ්‍රයෙන් ඉහළ යාමට පටන්ගෙන ඇතැයි බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
මේ හේතුවන් හෘදයාබාධ ඇතිවීම, රුධිර පීඩනය ඇතිවීම හෝ ඉහළයාම , අක්ෂි ආබාධ, තුවාල සුව නොවී පැවතීම, වකුගඩු අකර්මණ්‍ය වීම වැනි රෝග තත්ත්වයන් බොහෝමයක් ඇතිවීම හා තිබෙන රෝග වැඩිවීමක් සිදුව ඇතැයි වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ.
දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රෝහල් තුළ නොමැති විම හා තිබුණද එය ප්‍රමාණවත් නොවීම වැනි හේතු මත රෝගය මෙසේ ඉහළ යන බව හෙතෙම පෙන්වා දේ.
විශේෂයෙන්ම රෝගීන්ට මාස දෙකකට ලැබිය යුතු ඖෂධ ලැබෙන්නේ මාසයකට පමණක් බැවින් ඉතිරි මාසයට රෝගියා ඖෂධ පිටතින් ගැනීමට වත්කමක් නොමැති නම් ඔහු මසට ලබාදෙන ඖෂධ නියමිත මාත්‍රාවන්ගෙන් ලබානොගෙන අඩු මාත්‍රාවන්ගෙන් ලබා ගැනීමට පෙළඹෙන බවත් මෙහි ප්‍රතිපලය වන්නේ රෝගියාගේ රෝගය සුව විම හෝ පාලනය වීම නොව තවත් වර්ධනය වීම බවත් වෛද්‍යවරයා පෙන්වාදේ.
මෙම තත්ත්වය හේතුවෙන් රෝහල්වල බෝනොවන රෝගීන්ගෙන් වාට්ටු පිරී යමින් පවතින බව ද හෙතෙම පෙන්වාදේ.
සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත…
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…