අකල්හි වියෝ වූ එම්.පියුසියස් නැමැති යාපනයේ මාධ්‍යවේදියාගේ මව සහ සුළුමවගේ ගිනිගෙන දැවී ගිය මළ සිරුරු දෙක යාපනයේ ඌර්ගවේරු ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේ තිබී යාපනය පොලිසිය විසින් ඊයේ (25 ) සොයා ගෙන තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 කට වැඩි ඇසිලින් පෝලිනා සහ යේසුදාසන් වික්ටෝරියා යන සහෝදරියන් දෙදෙනාය.
මෙම මළ සිරුරු දෙක ආසන්නයේ තිබූ ගිනිපෙට්ටියක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනා මියගියේ හා ඔවුන්ගේ සිරුරු වලට ගිනි ඇවුලුණේ කෙසේ දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
කාන්තාවන් දෙදෙනාගේ මරණ දෙක සියදිවි හානි කර ගැනීමක් ද එසේත් නොමැතිනම් මිනී මැරුම්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව පොලිසිය ප්‍රකාශ කරයි.
මළ සිරුරු දෙක පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…