ශ්‍රී ලංකා

මැයි 09 සිද්ධියේදී මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවට ජනතාවගේ ජීවිත තෝරගත්තාට හිටපු හමුදාපතිට චෝදනා !

ඉකුත් වසරේ මැයි මස 09 සහ 10 රටතුළ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම් වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් කළ යුතු බවට කරන්නාගොඩ කමිටුව නිර්දේශ කර තිබේ.

අදාළ කමිටු වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දුන් නියෝග ආරක්ෂක අංශ ප්‍රධානින්ට නිසියාකාරව ලබාදීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අසමත් වී ඇති බවය.

ඉකුත් වසරේ මැයි 09 වැනිදා සහ 10 වෙනිදා රටතුළ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සහ කලහාකාරි සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.

අදාළ කමිටුවේ සභාපතිත්වය හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලිට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් හෙබවු අතර සෙසු සමාජිකයන් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කළේය.

සාක්ෂිකරුවන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සකස් කෙරුණු වාර්තාව එම කමිටුව ඉකුත් සැප්තැම්බර් 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන්නේය.

අදාළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපතක් පසුගිය 24 වනදා අභියාචනාධිකරණයට භාරදෙනු ලැබුවේ මැයි 09 වනදා සහ 10 වනදා රට පුරා ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යයකට අදාළවය.

තම නිවාස සහ දේපළ ගිනිතැබීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් කර නීතිමය පියවර ගන්නැයි ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඇතුළු මන්ත්‍රීවරුන් 34ක් එම පෙත්සම ගොනුකර තිබුණි.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු කරන්නාගොඩ කමිටු වාර්තාවේ දැක්වෙන්නේ පොලිස් විශේෂ කාර්යය බළකාය, ත්‍රිවිධ හමුදා විශේෂ බලකා සාමාජිකයන්ගෙන් සමන්විත හදිසි අවස්ථාවලදී කැඳවිය හැකි කැරලි මර්දන බලකායන් ජංගම ආරක්ෂක රථ සහිතව කඳවුරු තුළ රඳවා තිබියදිත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ක්ෂණික සහ සෘජු නියෝග වගකිවයුතු නිලධාරින්ට ලබානොදීම විනාශකාරි ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට බාධාවක් වී ඇති බවය.

රට තුළ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුනොවීමට වගබලාගන්නා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබා දී තිබු නියෝග වගකිවයුතු ආරක්ෂක අංශ ප්‍රධානින්ට නිසියාකාරව ලබාදීමක් සිදුකර නොමැති බවටද කරන්නාගොඩ කමිටුව පෙන්වා දී තිබේ.

ඒ අනුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළ යුතු බවට කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago