ශ්‍රී ලංකා

රනිල් – කංචන මත ගැටුමක – QR කේතය ඉවත් කිරීම සම්බන්ධ බලශක්ති ඇමතිගෙන් විශේෂ නිවේදනයක් !

ජාතික ඉන්ධන බලපත්‍රය ට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවය.

දත්ත විශ්ලේෂණය කර ක්‍රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.

දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ගන්නා බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් අද උදෑසන ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කොට සිටියේ ලබන අප්‍රේල් 10 වැනිදා වනවිට ඉන්ධන QR කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බව එම සංස්ථාව සඳහන් කළේ ය.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හමුවේ, ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකිරීමට හැකියාව පවතින බව සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago