රාජ්‍ය නොවන සංවිධානයක් විසින් රත්නපුර – රක්වාන ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත එම ළමා නිවාස පාලිකාවගේ 60 හැවිරිදි සැමියා පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මාර්තු මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ළමා නිවාසයේ වෙසෙන දැරියන් අපයෝජනයට ලක්වනබවට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ මෙම ළමා නිවාසයේ සිටින දැරියන් 17 දෙනාගෙන් 11 දෙනෙක්ම මෙම පුද්ගලයා විසින් අපයෝජනය කර ඇති බවය.
අනතුරුව මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිනි.
මෙම තැනැත්තා විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ දැරියක් මේ වනවිට ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අනෙක් දැරියන්ද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…